(කොළඹ, ලංකාපුවත්) –ග්‍රාමීය මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.
මීට පෙර තමා විසින් ලිපියකින් දැනුම් දුන් ආකාරයට ඇතැම් ගැටඵවලට මෙතෙක් විසදුම් ලැබි නොමැති බව නිමල් ලන්සා මහතා එම ලිපියෙන් පෙන්වාදී තිබේ.