(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමඟ චීනයේ ප්‍රධාන වාණිජ නගරය වන ෂැංහයි නගරය අදියර දෙකක් යටතේ ලොක්ඩවුන් කිරීම තීරණය කර ඇත.
ඒ අනුව අද(28) සිට අප්‍රේල් පළමු වැනිදා දක්වා ෂැංහයි නගරයේ නැගෙනහිර කොටසද අප්‍රේල් පළමු වැනිදා සිට 05 වැනිදා දක්වා එහි බටහිර කොටසද මෙලෙස ලොක්ඩවුන් කිරීමට නියමිතය.
මෙම ලොක්ඩවුන් කාලය තුල දී සියලු පොදු ප්‍රවාහන සේවා අත්හිටුවෙන අතර කම්හල් සහ කාර්යාලවල සේවා කටයුතුද අත්හිටුවනු ඇත.
ඒ අනුව මිලියන 25 කට ආසන්න පිරිසක් වාසය කරන ෂැංහයි නගරයේ සැලකිය යුතු පිරිසක් කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමටද පියවර ගෙන තිබේ.