හොඳම නළුවාගෙන් ඔස්කා නිවේදකයාට කනේ පහරක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන ඔස්කා සම්මාන උළෙලේදි නිවේදක ක්‍රිස් රොක් ට සුපිරි නලු විල් ස්මිත් විසින් කම්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ ක්‍රිස් රොක් විසින් විසින් විල් ස්මිත් ගේ බිරිඳ සම්බන්ධයෙන් වේදිකාව මත දී සිදුකළ විහිලුවක් හේතුවෙනි.

මෙම සම්මාන උළලේ නිවේදකයා ලෙස කටයුතු කළ ක්‍රිස් රොක් විසින් විල් ස්මිත් ගේ බිරිඳ සහ ඉදිරියේදී තිරගත වීමට නියමිත “G.I. Jane 2” චිත්‍රපටයේ නිළියගේ තට්ටයට සමාන කරමින් හාස්‍යයට ලක් කර සිටියේය.

මෙම සිදුවීමත් සමග වේදිකාවට පැමිණි විල් ස්මිත් කවුරුත් නොසිතු ලෙස නිවේදක ක්‍රිස් රොක්ට කම්මුල් පහරක් එල්ල කර අතර තම බිරිදගේ නම නොකියන ලෙස තර්ජනාත්මක අයුරින් ප්‍රකාශ කර ඇත.

කෙසේ වුවත් විල් ස්මිත් ගේ බිරිඳ වන Jada Pinkett Smith හට කොණ්ඩය යෑමේ රෝගයකින් පෙළෙන බව සදහන් වේ.

මෙවර් Oscars 2022 සම්මාන උළලේ හොදම නළුවාට හිමි සම්මානය විල් ස්මිත් විසින් හිමිකර ගනු ලැබූ අතර ඔහු සිය හැසිරීම් ගැන සියලු දෙනාගෙන් එහිදී සමාව අයැද සිටියේය.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි විහිළු නිසා සිය බිරිඳ තවත් මානසික පිඩනයට ලක්වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *