(කොළඹ, ලංකාපුවත්) – බලපත්රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදෙන ලියාපදිංචි මුදල් හුවමාරු කරන්නනගේ බලපත්ර අවලංගු කිරීමට කටයුතු කරන බව ශ්රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා මහ බැංකුව පවසන්නේ බලපත්රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම 2017 අංක 12 දරන විදේශ විනිමය පතට අනුව තහනම් කර ඇති බවයි.
එලෙස යම් මුදල් හුවමාරු කරන්නෙකු ගනුදෙනුවකදී ඉහළ විනිමය අනුපාත ලබා දෙන ඕනෑම අවස්ථාවක විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ 0112398523, 0112398827, 0112477375, 0112398568 දුරකථන අංගවලට හෝ [email protected] විද්යුත් තැපැල් ලිපිනයට දන්වන මෙන් ශ්රී ලංකා මහ බැංකුව, මහජනතාවට දැනුම් දෙයි.