මත් ද්‍රව්‍යවලින් දරුවන් ඈත් කළහැකි හොඳම ක්‍රමවේදය ක්‍රීඩාවට යොමු කිරීමයි – ඇමති නාමල්

(කොළඹ, ලංකාපුවත්) – මත් ද්‍රව්‍යවලින් දරුවන් ඈත් කළහැකි හොඳම ක්‍රමවේදය ඔවුන් ක්‍රීඩාවට යොමු කිරීම බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ක්‍රීඩාවෙහි දක්ෂ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කරමින් මොරටු මහා විද්‍යාලයේ පැවති ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමින් පසුගිය (24)දා අමාත්‍යාවරයා මේ බව පැවසීය.

මෙහිදී ක්‍රීඩාවෙහි දස්කම් පෑ පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 67 දෙනෙකු ඇගයීමට පාත්‍ර වූ අතර, එම පාසලේ ම ආදි ශිෂ්‍යයකු වූ ප්‍රසන්න දිසානායක මහතාටවසර 28ක් පුරා විද්‍යාලයීය දරු දැරියන්ගේ ක්‍රීඩා කෞෂ්‍යලයය ඔප්නැංවීමසඳහා ක්‍රීඩා පුහුණුකරුවකු වශයෙන් ඉටු කළ සුවිශේෂි මෙහෙය වෙනුවෙන්උපහාර පිදීම ද සිදුවිය.

මෙහිදක්ෂතම ක්‍රීඩකයා ලෙස නිෂාන් මධුෂ්ක (ක්‍රිකට්), දක්ෂතම ක්‍රීඩිකාව ලෙස පී.එච්.දිල්ෂා දේශානි සිල්වා (ජූඩෝ)සහ නැඟී එන ක්‍රීඩකයා ලෙස එම්.සදීෂ අනුෂන්ක ප්‍රනාන්දු (මලල ක්‍රීඩා), නැඟී එන ක්‍රීඩිකාව ලෙස ඩී.ධනුජි ඉමේෂිකා ප්‍රනාන්දු (කරාතේ/හෑන්ඩ්බෝල්) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්විය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

“විනයානුකූල අංගසම්පූර්ණ දරුවෙක් හැදෙන්න නම් ඒ දරුවා ක්‍රියාශීලි දරුවෙක් විය යුතුයි. එම දරුවාට සමාජය පිළිබඳ දැනුමක් තිබිය යුතුයි. කණ්ඩායම් හැඟීමකින් වැඩ කළ හැකි විය යුතුයි සහ අභියෝගවලට මුහුණදිය හැකි දරුවෙක් බවට ඔහු පත්විය යුතුයි. විනයානුකූල අංග සම්පූර්ණ දරුවෙක් හැදෙන්න ඒ දරුවා කලාවට සහ ක්රීතඩාවට නැඹුරු විය යුතු යැයි අප විස්වාශ කරනවා.

සමහර වෙලාවට බොහෝ දෙනෙකු තුළ පන්ති කාමරයේ නැති විනය ක්‍රීඩා පිට්ටනියේ තියෙනවා.

දක්ෂ ක්‍රීඩකයෙක් බිහිවෙන්න නම් ඒ ක්‍රීඩකයා පාසල් පොත පත හා බද්ධ වුණ ක්‍රීඩකයෙක් වි යුතුයි. ප්‍රතිපත්තිමය වශයෙන් විෂය නිර්දේශ වශයෙන් ලොකු වෙනස්කම් වෙන්න ඕන.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *