රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් ලක්ෂ 59ක් වටිනා ක්‍රියාකාරී රෝද පුටු

(කොළඹ, ලංකාපුවත්) – රණක්ෂිතයට පත් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටින දිවයින පුරා විසිරී සිටින රණවිරුවන් 80 දෙනෙකු සඳහා රුපියල් 5,968,000 වටිනා ක්‍රියාකාරී රෝද පුටු බෙදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහාවන සාකච්ඡාවක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ උපදෙස් පරිදි පැවැත්විණ.

2021 වසර සඳහා රජයේ භාණ්ඩාගාරයෙන් රණවිරු සුබසාධනය සඳහා ප්‍රථම වරට වෙන් කරන ලද මුදල් භාවිතා කරමින් මිලදී ගෙන ඇති මෙම ක්‍රියාකාරී රෝද පුටු වල ගුණාත්මක භාවය විමසීමේ සහ බෙදාහැරීමේ සැලසුම් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, පළාත්, පසු උවටැන සහ විශේෂ ව්‍යාපෘති අංශ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ සහ වැඩසටහන් නිළධාරිනී නෙත්මි ගයශ්‍රී ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර අධ්‍යනය කර තිබේ. පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටින රණවිරුවන්ගේ අවශ්‍යතාවය පරිදි මෙම රෝද පුටු නිර්මාණය කර තිබීම විශේෂත්වයක් ලෙස සැළකිය හැකිය.

රණවිරු සේවා අධිකාරිය වෙත අනුයුක්තව රාජකාරි කරනු ලබන ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන්ගේ සහයෝගයෙන් මෙම ක්‍රියාකාරී රෝද පුටු දිවයින පුරා විසිරී සිටින රණවිරුවන් වෙත එළඹෙන සතිය තුළදී බෙදා දීමට සැලසුම් කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *