ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් 06ක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් 06කට අත්සන් තැබේ.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර එම ගිවිසුම් අත්සන් තබා ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

ඊයේ (28) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේදී අදාළ ගිවිසුම් අත්සන් කිරීම සිදුකර ඇත.

ඒ අනුව ඉන්දීය රජයේ සහය ඇතිව ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, සමුද්‍ර ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, යාපනයට ඔබ්බෙන් වූ දූපත් 03ක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක නවීකරණ පරිගණක විද්‍යාගාර පිහිටුවීම, සුෂ්මා ස්වරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ තාන්ත්‍රික පුහුණු ආයතනය අතර ද අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇතැයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *