(කොළඹ, ලංකාපුවත්) – සිංහල අලුත් අවුරුද්දට අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 5,000 බැගින් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
එම විශේෂ දීමනාව මාස දෙකක කාලයක් සදහා ලබාදීමට ඊයේ (28) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත.
ඒ අනූව ලක්ෂ 31කට ආසන්න පිරිසකට අදාළ දීමනාව හිමිවන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.