IMF වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – අයි.එම්.එෆ්. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ පස්වැනි වගන්තිය යටතේ 2021 වර්ෂය සඳහා වන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යන මාතෘකාව යටතේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඊයේ (28) කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවට, මෙලෙස අනුමැතිය හිමිව ඇත.

මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ විග්‍රහයක යෙදෙන පිටු 95කින් සමන්විත මෙම වාර්තාව පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *