ශ්‍රී ලංකාව සමග සාමුහික ක්‍රියා මාර්ගයක නිරතව සිටින බව IMF කියයි

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාතික මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය ආර්ථික අර්බුදය විසදීම සදහා සාමුහික ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටින බව එම ආයතනයේ කළමනාකාර අධයක්ෂ ක්‍රිස්ටර් ලීනා ජෝර්ජිවා මහත්මිය සදහන් කරයි.

ආර්ථික අභියෝග සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමත් ඊට සැලසුම් සකස් කිරීමත් දෙපාර්ශ්වය අතර සාකච්ඡාවලදී අවධානයට ලක්වු මුලික කරුණු බව ඇය පැවසුවාය.

මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුඵ ශ්‍රී ලංකා නියෝජිත පිරිස වොෂිංටනයේදී අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග පසුගිය 19 වැනිදා සාකච්ඡා ආරම්භ කළේය. එම සාකච්ඡා ලබන 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ට්විටර් පණිවිඩයක් නිතුත් කරමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ මෙම දුෂ්කර අවස්ථාවේ තම සංවිධානය හා එක්ව ක්‍රියාකිරීම පිළිබඳව ශ්‍රී ලංකාවට කෘතඥතාව පළකරන බවයි.

අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය මුලික වශයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක බව අන්තර්ජාතික මුල්‍ය අරමුදල පෙන්වාදී තිබේ.

මේ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රිී ලංකා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බව ඇමති අලි සබ්‍රි මහතා කියයි. සාකච්ඡාවල සාර්ථකත්වය අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කෙරේ. ණය සැපයීමට සුදානම සෑම පාර්ශ්වයක් සමගම සාකච්ඡා කරන බවද මුදල් ඇමතිවරයා පැවසීය.

මෙරට ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීමට එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ද හිමිව තිබේ. මුදල් අමාත්‍යවරයා සහ එම වැඩසටහනේ පරිපාලක අචින් ස්ටෙයිනර් සමග පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එම සහාය මෙරටට හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *