අමෙරිකාවෙන් යුකේ‍්‍රනයට තවත් ඩොලර් මිලියන 800ක යුද ආධාර

(කොළඹ, ලංකාපුවත්) – යුක්‍රේනයේ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වීම හේතුවෙන් නව යුද අධාර යුක්‍රේනය වෙත ලබා දීමට අමෙරිකාව තීරණය කර ඇත.

එම ආධාර යුක්‍රේනයට ලබා දීමේ සැලසුම් සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිවේදනයක් ද සිදු කර ඇත.

ඒ අනුව යුක්‍රේනය සඳහා අතිරේක ඩොලර් මිලියන 800 ක ආරක්ෂක ආධාර ලබාදීමට නියමිතය.

නව පැකේජයට කාලතුවක්කු අවි, උපායශීලී ඩ්‍රෝන යානා ඇතුළත් වන බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *