පැරසයිට් චිත්‍රපටයේ රඟ පෑ කොරියානු නළුවාගේ සිරුර මෝටර් රථයක

(කොළඹ | ලංකාපුවත්) – ඔස්කාර් සම්මානලාභී, Parasite චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රසිද්ධියට පත් දකුණු කොරියානු නළු Lee Sun-kyun මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Lee Sun-kyun ගේ සිරුර සෝල් හි උද්‍යානයක මෝටර් රථයක් තුළ තිබී සොයා ගෙන ඇති බව සදහන් වේ.

Lee ගේ මරණය සිය දිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේවෙතත් 48 හැවිරිදි Lee Sun-kyun දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයර හුරු වී සිටි අයෙකු බවද කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *