අතුරුදන් බව කියූ කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා අත්අඩංගුවට

(කොළඹ | ලංකාපුවත්) – රුහුණු කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඔහු අද (27) උදෑසන කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව ය.

පාතාල නායක අංගොඩ ලොක්කා නමැත්තාගේ බිරිඳ විසින් කතරගම දේවාලයට පූජා කරන ලද පවුම් 38ක රත්‍රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණු අතර ඔහු ආ ගිය අතක් නොමැති බවට ඔහුගේ දියණියන් දෙදෙනා විසින් පොලිසියට පැමිණිල්ලක් ද කර තිබිණි.

කෙසේවෙතත් අද උදෑසන ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවී ඇති අතර ඔහුව තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *