ජපාන මුදල් ඇමති ලංකාවේ සංචාරයක

(කොළඹ | ලංකාපුවත්) – ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා නිල චාරිකාවක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඒ මහතා ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ මෙරට චාරිකා කිරීමට නියමිත බවයි.

ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය පවසයි.

නොවැම්බරයේදී ශ්‍රී ලංකාව, ජපානය ප්‍රමුඛ ණය දෙන්නන් කණ්ඩායම සමග ණය ආපසු ගෙවීම කල්දැමීම සහ පොළී අනුපාත අඩුකිරීම පිළිබඳ මූලික එකඟතාවකට එළැඹ තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *