(කොළඹ, ලංකාපුවත්) – අද (30) දිනයේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.
ඒ අනුව අද (30) උදෑසන 8:00 සිට රාත්රී 12:00 දක්වා කාලය අතරතුර පැය 10ක කාලයක් එලෙස දිවයින පුරා විවිධ කාල පරාසයන් හිදී එම විදුලි කප්පාදුව සිදුවෙනු ඇත.
A සිට L දක්වා වූ කලාපවල උදෑසන 8:00 සිට රාත්රී 12:00 දක්වා කාලය අතරතුර පැය 10ක විදුලි කප්පාදුව ක්රියාත්මක අතර P සිට W දක්වා කලාප සඳහා ද පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවෙනු ඇත.
ඊට අමතරව M,N,O,X,Y,Z ලෙස අලුත් කලාප කිහිපයක් ද එකතු වී තිබේ.
එම කලාපවල උදෑසන 8:00 සිට සවස 6:00 දක්වා කාලය අතරතුර අදාළ විදුලි කප්පාදුව සිදුවේ.