ප්‍රේමලාල් ජයසේකර නිදොස් කොට නිදහස්

(කොළඹ, ලංකාපුවත්) – මරණ දණ්ඩනය නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කරයි.

රත්නපුර මහාධිකරණය තමන්ට නියම කළ මරණීය දණ්ඩනය අහෝසි කොට නිදහස් කරන ලෙසට ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් අභියාචනාධිකරණය පිළිගැනීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

ප්‍රේමලාල් ජයසේකර මහතා මෙන්ම සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය මෙසේ නිදහස් කෙරුණි.

තීන්දුව ලබා දුන්නේ නිශ්ශංඛ බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මගින්ය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ, එම සිද්ධිය වූ අවස්ථාවේ දී විත්තිකරුවන් අත ගිනිඅවි තිබූ බවට සහ ඔවුන් විසින් වෙඩි තැබූ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවය.

ඒ අනුව විත්තිකරුවන් අදාළ චෝදනාවන් රත්නපුර මහාධිකරණය හමුවේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවද විනිසුරුවරයා පැවසුවේය.

2015 ජනාධිපතිවරණ සමයේදී කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණය විසින් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට මරණීය දණ්ඩනය නියම කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *