මේක දේශපාලනය කරන කාලයක් නෙමෙයි. රට ගැන හිතල හැමෝම වැඩ කළ යුතු වෙලාවක් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. රට ගැන හිතල හැමෝම වැඩ කළ යුතු වේලාවක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“වාරි සෞභාග්‍යා” වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ II වන අදියරේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා අරලියගහ මන්දිරයේදී ඊයේ(30) මේ බව සඳහන් කළේය.

කුරුණෑගල, නිකවැරටිය ආසනයේ කොබෙයිගනේ,මීගස්වැව ප්‍රදේශයේ ඇති මහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් මෙහිදී මාර්ගගත ක්‍රමයට ආරම්භ කෙරිණි. එම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ද එක්වූහ.

මීට සමඟාමීව හිරියාල මැද්දෙකැටිය වැව, පොල්පිතිගම කැන්දගොල්ල වැව,බැමිණිගල්ල මසුරන්කෝට්ටේ වැව සහ ගිරිබාව නික වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර, එම වැව් ඇතුළු වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ II වන අදියර යටතේ අද දින රටපුරා වැව් 100ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය.

අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, සිරිපාල ගම්ලත් මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් ද සිල්වා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *