(කොළඹ, ලංකාපුවත්) –කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය අනුව තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි.
ඒ අනුව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස තිලක් ප්‍රේමතිලක මහතා පත්කර ඇති අතර, ඔහු අද(31) එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වේ.