සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස් වේ.

රට තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමේ අපේක්ෂාවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඊයේ(03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ සිදු කළ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. ඊට අදාළ ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීමටද කටයුතු කර ඇත.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අධිකරණ අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට භාර දී ඇත.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රට තුළ මතුව තිබෙන තෙල්, විදුලි, ගෑස් පිළිබඳ ගැටලුවට වහා විසඳුම් ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *