මහ බැංකු අධිපතිගෙන් පණිවුඩයක්

(කොළඹ, ලංකාපුවත්) – මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත්කළ ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රාණි ජයමහ මහත්මිය අඛණ්ඩව සේවය කිරීමට එකගවීම පිළිබද සතුටට පත්වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ රාණි ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සෑම විටම ඉතා ස්වාධීනව අපක්ෂපාතීව වෘත්තී ගරුත්වය ආරක්ෂා කරගනිමින් කාර්යක්ෂමව ක්‍රියාකර ඇති බව මහ බැංකු අධිපතිවරයා සදහන් කරයි. මහ බැංකුවේ සියලුම කටයුතු සදහා ධනාත්මක්ව දායකවී ඇති බව ඒ මහතා පවසයි.

ඔවුන්ගේ වෘත්තීය බව පිළිබද පූර්ණ විශ්වාසයක් ඇති බැවින් ඔවුන් දෙදෙනාගේ අඛණ්ඩ දායකත්වය සහ මගපෙන්වීම මුදල් මණ්ඩලයටත් මහ බැංකු අධිපතිවරයා ලෙස තමන්ටත් ඉතා වැදගත් බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *