(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට විසදා ගැනීමට සහාය වීමක් ලෙස චීන රජය, අමෙරිකා ඩොලර් බිලියන 2.5 ක මුදලක් ලබාදීමට එකඟත්වය පල කර ඇතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන සාකච්ඡාවල ප්‍රගතිය හා ඉදිරි කටයුතු පිළිබද අදහස් දක්වමින් ආචාර්ය පාලිත කොහොන මහතා කියා සිටියේ චීනයේ බලධාරීන්ගෙන් තමන්ට පසුගිය සතියේ මේ සම්බන්ධ සහතිකයක් ලැබුණු බවයි.
ශ්‍රී ලංකාව බීජිං වෙතින් ඩොලර් බිලියනයක් ණයට ගැනීමට බලාපොරොත්තු වන අතර එමඟින් ජූලි මාසයේදී පවතින චීන ණය ආපසු ගෙවීමට මෙන්ම ඇඟලුම් අපනයන කර්මාන්තයට සහාය වීම සඳහා අවශ්‍ය රෙදිපිළි වැනි භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 1.5 ක ණය මාර්ගයක් ද ලබා ගත හැකිය.