ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

(කොළඹ, ලංකාපුවත්) – රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඖෂධ හා ශල්‍ය උපකරණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ බරපතල හිඟයක් ඇති බවට සමාජ මාධ්‍ය වේදිකාවල මේ දිනවල විශාල වශයෙන් තොරතුරු හුවමාරු වෙමින් පවතී.

බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල ඇති, හිඟ බව පවසන ඖෂධ හා ශල්‍ය උපකරණ දත්ත ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය මේ බව තහවුරු කරයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *