ඩයනා කුමරියගේ පෞද්ගලික ඡායාරූප ශිල්පීයා මියයයි

(කොළඹ, ලංකාපුවත්) – වේල්සයේ කුමරිය ලෙස විරුදාවලියලත් ඩයනා කුමරියගේ පෞද්ගලික ඡායාරූප ශිල්පී පැට්‍රික් ඩෙමර්චෙලියර් (Patrick Demarchelier) මිය ගොස් ඇත.

පසුගියදා ඔහු මිය යන විට 78 වැනි වියේ පසුවිය.

ජනප්‍රිය විලාසිතා ඡායාරූප ශිල්පීයෙක් ලෙස ප්‍රංශ ජාතික පැට්‍රික් ඩෙමර්චෙලියර් සැලකේ.

ඔහු ශාන්ත බාර්ට්ස් දූපතේදී අභාවප්‍රාප්ත වූ බව ආරංචි මාර්ග සදහන් කරයි. ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

1991 දෙසැම්බර් කලාපය සඳහා ඩයනා කුමරිය පෙනී සිටින Vogue සඟරාවේ කවරය ඩෙමර්චෙලියර් විසින් ගත් ඡායාරූපයකි.

බ්‍රිතාන්‍ය නිල රාජකීය ඡායාරූප ශිල්පියෙකු බවට පත් වූ පළමු බ්‍රිතාන්‍ය ජාතික නොවන තැනැත්තා ලෙසින් ද පැට්‍රික් ඩෙමර්චෙලියර් නම් කළ හැකිය.

ඩයනා කුමරියගේ මෙන්ම බියොන්සේ, මැඩෝනා සහ ජෙනිෆර් ලෝපෙස් ඇතුළු සුප්‍රසිද්ධ චරිත රැසකගේ ඡායාරූප ඔහු විසින් ලබාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *