(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් 735 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
අත්අඩංගුවට ගත් පිරිසෙන් 196 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේය.
ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ පුද්ගලයින් 493 දෙනෙකු මේ වනවිට ඇපමත නිදහස් කර ඇති බවයි
එසේම පොලීසියේ සහ CID රැඳවුම් නියෝග මත 29 දෙනෙක් රඳවාගෙන විමර්ශන සිදුකෙරේ.
පුද්ගලයින් 79කට දිවයිනේ විවිධ මහාධිකරණවලදී චෝදනා 25,653ක් යටතේ නඩු 27ක් පැවරීමට කටයුතු කර ඇති බව ද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.