ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 11,000ක්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ සහල් මෙට්‍රික් ටොන් 11,000ක් ‘චෙන් ග්ලෝරි’ නෞකාවෙන් අද (12) කොළඹට ළඟා වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන බහු ආංශික සහයෝගය යටතේ පසුගිය සතිය තුළ පමණක් සහල් මෙට්‍රික් ටොන් 16,000ක් සපයා ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විශේෂ බැඳීම සනිටුහන් කරන මෙම සැපයුම් අඛණ්ඩව සිදුවන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *