පළමු වාරය අද ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අද (18) ආරම්භ වන බවත්, පාසල් පැවැත්වීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

ඒ අනුව පාසල් පැවැත්වීම සාමාන්‍ය පරිදි පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සිදු කෙරෙන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් 2021 වසරෙන් වැඩි කාලයක් පාසල් වසා දැමීමට සිදුවීම හේතුවෙන් එම වසරේ තෙවැනි පාසල් වාරය මේ වසරේ අප්‍රේල් 06 වැනිදා දක්වා පැවැත්වීමට සිදු විය. මේ නිසා 2022 වසරට නියමිත විෂය නිර්දේශ ආවරණය කර ගැනීම සඳහා අතිරේක කාලයක් ලබා ගැනීමේ අරමුණින් පාසල් කාලවේලාව පැයකින් දීර්ඝ කිරීමට මීට පෙර යෝජනා වී තිබූ අතර, තාවකාලිකව අත්හිටුවා ඇත්තේ එම තීරණයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *