බංගලාදේශ ණය ගෙවීමට අවුරුද්දක සහන කාලයක්

(කොළඹ, ලංකාපුවත්) – “ස්වැප්” පහසුකම යටතේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල නැවත ගෙවීම සඳහා තවත් වසරක සහන කාලයක් ලබාදීමට බංගලාදේශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

බංග්ලාදේශ් මහ බැංකුවේ ප්‍රකාශක සෙරජුල් ඉස්ලාම් ප්‍රකාශ කර ඇත්තේ, බැංකු අධ්‍යක්ෂවරුන් ඊයේ (08) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ණය කොන්දේසි වෙනස් කිරීමකින් තොරව සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවයි.

2021 මැයි මාසයේදී බංග්ලාදේශයෙන් “ස්වැප්” පහසුකම යටතේ මාස 03ක් තුළ යළි ගෙවීම සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 200ක මුදලක් ලබාගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *