ගිය අවුරුද්දේ ලංකාව බලන්න ආපු අය

(කොළඹ | ලංකාපුවත්) –2023 වසරේදී මෙරටට සංචාරකයින් 1,487,303ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඉන් 210,352ක් පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයයේදීය.

2022 වසරේදී සංචාරකයින් 719,978ක් මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.

ඒ අනුව 2022ට සාපේක්ෂව 2023 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් ගණනේ වර්ධනය 106.6%කි.

2023 දෙසැම්බර් මාසයේදී පමණක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 210,352 ක් වූ අතර එය පසුගිය වසර හතර තුළ මාසයක වැඩිම පැමිණි සංචාරක සංඛ්‍යාව ද වේ. එය 2022 දෙසැම්බර් (91,961) හා සසඳන විට 128.7% ක වැඩිවීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *