කාන්තා හා ළමා අපරාධ පිළිබඳ දැනුම් දීමට නව දුරකථන අංකයක්

(කොළඹ | ලංකාපුවත්) – කාන්තාවන්ට හෝ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳව පැමිණිලි කිරීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක මෙම දුරකථන අංකය හඳුන්වා දී ඇත.

ඒ අනුව 109 දුරකථන අංකය ඔස්සේ මේ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාවක් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *