(කොළඹ | ලංකාපුවත්) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇතිවී තිබෙන රෝගී තත්වය මත ඔහු ජයවර්ධන පුර රෝහලෙහි ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා කියා සිටී.
වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දුමින්ද සිල්වා මහතා යම් කාලයක සිට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවද ඒ මහතා තහවුරු කළේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩණය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ප්රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කිරීමට ඊයේ (17)ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඒ අනුව දුමින්ද සිල්වා මහතාට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.