ශ්‍රී ලංකාව ‘හෙපටයිටිස් බී’ පාලනය කරයි

(කොළඹ | ලංකාපුවත්) – මාලදිවයින සහ ශ්‍රී ලංකාව ‘හෙපටයිටිස් බී’ රෝගය පාලනය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් මාලදිවයිනට හා ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව හිමි ව තිබේ.

මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ හෙපටයිටිස් බී එන්නත් මාත්‍රාව සම්බන්ධයෙන් දෙරට තුළ නිරන්තරයෙන් ඉහළ ආවරණයක් ඇති බව විශේෂඥ මණ්ඩලයක් විසින් තහවුරු කිරීමෙන් පසුවයි. දෙරට ළදරුවන් සඳහා ‘හෙපටයිටිස් බී‘ එන්නත් මාත්‍රාව නිරන්තරයෙන් ඉහළ ආවරණයක් ලබාගෙන ඇති බවත්, මාරාන්තික රෝගයේ අඩු ව්‍යාප්තියක් ඇති බවත් එහිදී තහවුරු වී ඇත.

වසර 2019දී බංගලාදේශය, භූතානය, නේපාලය හා තායිලන්තය යන දකුණු හා නැගෙනහිර ආසියානු රටවල් ද ‘හෙපටයිටිස් බී’ රෝගය පාලනය කිරීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *