(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඉන් අනතුරුව තුන්වන වාරිකය මෙරටට නිදහස් කර ගැනීමට හැකියාව ලැබෙන බවයි.
ඔහු පැවසුවේ, ඉහළ දැමූ වැට් බදු අය කරන ව්‍යාපාරිකයින්ගෙන් අනිවාර්යෙන්ම බදු ලියාපදිංචි අංකය ලබාගැනීමට කටයුතු කරන්න බවයි.
ඇතැම් පිරිස් රජයට බදු නොගෙවා ඒ ඉහළ දැමූ බදු මුදල් සිය ලාභය බවට පත්කර ගැනීමට කටයුතු කරමින් ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.