(කොළඹ | ලංකාපුවත්) – චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
දකුණු චිලීයේ ග්‍රාමීය නගරයක්වන ලාගෝ රැන්කෝ හී දී හෙලිකොප්ටරය වැවකට කඩා වැටීමෙන් මෙලෙස හිටපු ජනාධිපතිවරයා මිය ගොස් තිබේ. 74 හැවිරිදි පිනේරා සහ තවත් තිදෙනෙකු රැගත් හෙලිකොප්ටරය මෙලෙස අනතුරට ලක්ව තිබුණි.
මෙම අනතුරින් හිටපු ජනාධිපතිවරයා මිය ගිය අතර අනෙක් තිදෙනාව ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් බේරාගැනීමට සමත්ව ඇත.
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කැරොලිනා ටෝහා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ සිරුර ලාගෝ රැන්කෝ නගරයට ආසන්න වැවේ තිබී සොයා ගත් බවයි.
මේ අතර චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
2010 සහ 2022 අතර අඛණ්ඩව වාර දෙකක් ජනාධිපති ලෙස කටයුතු කළ සෙබස්තියන් පිනේරා
ෙවෙනුවෙන් ලබන සිකුරාදා රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වේ.