(කොළඹ | ලංකාපුවත්) – සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව ඊයේ (14) පල්ලෙකැලේ පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයේත් ජය ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
කඩුළු 7ක ජයක් සමග ශ්රී ලංකාව මෙම එක්දින තරගාවලියද 3-0ක් ලෙස ජයගෙන තිබේ.
කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලා ශහීඩි පළමුවෙන් පන්දුවට පහර ඊයේ(14) දීමට තීරණය කළේය.
ඒ අනුව ඔවුන් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සියලු ක්රීඩකයන් දැවී ලකුණු 266ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය.
පැතුම් නිස්සංක සහ අවිෂ්ක ප්රනාන්දු විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තේය.
අවිෂ්ක ප්රනාන්දු ලකුණු 91කට අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර පැතුම් නිස්සංක ශතකයක් සමඟ ලකුණු 118ක් වාර්තා කළේය.
එය හතරේ පහර 16කින් සහ හයේ පහර 02කින් සමන්විත වුණි.
කුසල් මෙන්ඩිස් හයේ පහර 04ක් සමඟ වේගවත් ලකුණු 40ක් රැස් කළ අතර ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරගාවලිය 03ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකාව සමත් විය.