(කොළඹ | ලංකාපුවත්) – මැයි පළමු වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි රැලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මක වන සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන එම දිනයේ (01) වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නමුත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත සුරා අලෙවි ස්ථාන සඳහා මෙම නීතිය බලපානු ලබන්නේ නැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර 30 වැනි දා වසා දමන සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන මැයි 02 වැනි දා යළි විවෘත කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.