චීන – ශ්‍රී ලංකා ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමට අත්සන් කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමඟ අද (26) බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට එළැඹිණි.

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා සහ මහාභාණ්ඩාගරයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනවිරත්න යන මහත්වරු එම අවබෝධතා ගිවිසුම හුවමාරු කරගැනීම සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *