ලොව වේගවත්ම මිනිසා ඇමරිකාවෙන්

(කොළඹ | ලංකාපුවත්) – මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ දී ලොව වේගවත්ම මිනිසා ලෙස වාරතා අතරට එක්වීමට ඇමරිකාවේ නෝආ ලයිල්ස් (Noah Lyles) සමත්විය.

ඒ 2024 ඔලිම්පික් උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වේ ශූරතාව හිමි කර ගනිමිනි.

එහිදී ඔහු වාර්තාකළ කාලය තත්පර 9.79කි.

මෙම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ජැමෙයිකාවේ කිශේන් තොම්සන් (Kishane Thompson) සමත් වූ අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 9.79කි.

නෝආ ලයිල්ස්ගේ මෙම ජයග්‍රහණය මීටර 100 පිරිමි ඉසව්වෙන් වසර 20කට පසු අමෙරිකාවට හිමිවූ පළමු රන් පදක්කම ලෙසට සැලකේ.

මීට පෙර මෙම ඉසව්වේ රන් පදක්කම ජස්ටින් ගැට්ලින් විසින් 2004 වසරේ ඔලිම්පික් උළෙලේදී අමෙරිකාව වෙනුවෙන් හිමිකර ගනු ලැබීය.

මෙහි රිදී ලෝකඩ පදක්කම ඇමරිකා එකසත් ජනපදයේ ෆ්රෙඩ් කර්ලි (Fred Kerley) විසින් දිනාගෙන තිබේ.

පසුගිය ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ශූරයා වූ ඉතාලියේ මාර්සෙල් ජේකබ්ස්ට (Marcel Jacobs) මෙවර පස්වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වීම විශේෂත්වයකි.

මේ අතර ඔලිම්පික් මීටර් 400 මූලික වටයේ තරගයට එක්වූ අරුණ දර්ශන වසර 24කට පසු එම ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වීමට ඊයේ (04) සමත් වුණි.

තත්පර 44.99ක කාලයකින් තරගය අවසන් කළ ඔහු සහභාගි වන මීටර් 400 අවසන් පූර්ව තරගය අද පැවැත්වීමට නියමිතය.

2000 වසරේදී සිඩ්නි ඔලිම්පික් උලෙළේදී සුගත් තිලකරත්න මූලික වටයේදී තත්පර 45.54කින් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමෙන් පසු මීටර් 400 ඔලිම්පික් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත් ක්‍රීඩකයා අරුණ දර්ශන වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *