වත්තල පෙගසස් රීෆ් හෝටලයේ “බැට්ල් ඔෆ් ද රීෆ්” වෙරළ ක්‍රීඩා සැණකෙළිය අතිඋත්සවාකාර ආකාරයෙන් ඇරඹෙයි

(කොළඹ | ලංකාපුවත්) –  ආයතනික කාර්ය මණ්ඩල සඳහාම පමණක් වෙන්වූ සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළිය ලෙස ශ්‍රී ලංකාවේ පළමුවරට සංවිධාන කරන ලද “බැට්ල් ඔෆ් ද රීෆ්” සැණකෙළිය 2024 ජූලි 27 වැනිදා අති උත්කර්ෂවත් ආකාරයෙන් වත්තල පෙගසස් රීෆ් හෝටලයේදී පැවැත්වුණි.

“බැට්ල් ඔෆ් ද රීෆ්” සැණකෙළිය ක්‍රීඩාශීලීත්වයෙන් පිරිපුන් තරග මාලාවකින් ආරම්භ කෙරිණ.

ටැග් රග්බි, කඹ ඇදීම සහ බීච් වොලිබෝල් ක්‍රීඩාවන්ගේ නියැළුන ක්‍රීඩකයන්ගේ උද්යෝගය අතරට මුසුවූ නරඹන්නන්ගේ ඔල්වරසන් හඬ පෙගසස් රීෆ් වෙරළ තීරයට කණ්ඩායම් හැඟීමේ හා මිත්‍රශීලීත්වයේ ජීවය එක්කරන්නට සමත් විය. කණ්ඩායම් හැඟීමේ හා මිත්‍රශීලීත්වයේ ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග පිරිනැමීය.

ක්‍රීඩා තරග නරඹන අතරවාරයේදී වෙරළ තීරය පුරා ස්ථාපිත කොට තිබූ ආහාරපාන පිරුණ අලෙවි කුටි පෙළ නැවුම් සී ෆුඩ් රස රැසක් ප්‍රමුඛ දෙස් විදෙස් රසවත් ක්‍රීඩාලෝලී රසවතුන්ගේ අවධානය දිනාගැනීමට සමත් විය. ක්‍රීඩාශීලී උද්යෝගයෙන් පිරුණු දිනයේ අවසානය සජීවී සංගීතයේ මිහිරියාවෙන් රසගැන්වූයේ සහභාගී වූවන් කුල්මත් කරමිනි.

උද්යෝගිමත්බව, ක්‍රීඩාශීලීත්වය, කණ්ඩායම් හැඟීම මුසු වූ වත්තල පෙගසස් රීෆ් දර්ශනීය වෙරළ තීරයේ හාත්පස හමායන සිසිල් සුලං රැළි මැද ආයතනික මිතුරු මිතුරියන් හා පවුලේ සාමාජිකයන් ද සමග එක්ව සැනසිලිදායක විනෝදාස්වාදයක් ලබන්නට අවස්ථාව උදා කළ “බැට්ල් ඔෆ් ද රීෆ්” සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළිය ශ්‍රී ලාංකීය කාර්යාල සේවා ක්ෂේත්‍රයට නවතම අත්දැකීමක් තිළිණ කරමින් සදානුස්මරර්‍ණය මතක රැසක් ඉතිරි කරමින් විචිත්‍රවත් ලෙස අවසන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *