ලංකාවේ විශාලම උදාගම්මානය ආණමඩුවට

(කොළඹ, ලංකාපුවත්) –ශී‍්‍ර ලංකාවේ ඉදිවන විශාලම උදා ගම්මානය පුත්තලම, ආණමඩුව, පල්ලම ප‍්‍රාදේශිය ලේකම් බල ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිතය. මෙම ගම්මානයේ ඉදි කිරීමට අපේක්‍ෂිත නිවාස ගණන 350 කි. ගම්මානය අක්කර 45 න් සමන්විතයි. රජය වෙත පරිත්‍යාග කළ ඉඩමක මෙම ගම්මානය ඉදිකිරීමට නියමිත බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

ඉතාලියේ පදිංචි වී සිටින ධමිමිකා නිල්මිණී ප‍්‍රියදර්ශනී චන්ද්‍රසේකර මහත්මියට හිමි අක්කර 45 න් සමන්විත පල්ලම ප‍්‍රදේශයේ පිහිටි වටිනා ඉඩම මෙම ගම්මානය ඉදිකිරීම වෙනුවෙන් පසුගියදා අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මගින් රජය වෙත භාර දුන්නාය. ඇගේ පියාගේ නමින් මෙම ගම්මානය ඉදිකරන ලෙසද ඇය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එම ගම්මානය චන්ද්‍රසේකර ගම්මානය ලෙස නම් කිරීමට නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාද එකගතාව පල කළ බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

ඒ අනුව එහි නිවාස 350 ක් ඉදි කිරීමට නියමිතය. එමෙන්ම කී‍්‍රඩාංගනය, පිහිනුම් තටාක, උද්‍යානය, මාර්ග, විදුලිය, සාප්පු සංකීර්ණ, ප‍්‍රතිකාර සේවා ඇතුළු පහහසුකම් රැුසකින් සමන්විත වන පරිදි මෙම ගම්මානය ඉදිකිරීමට සැලසුම් කරන බවත්, එහි ඉදිකිරීම් 2019 වසරේදී අවසන් කරන බවත් ඔහු කියා සිටියේය. එමෙන්ම මෙය ශී‍්‍ර ලංකාවේ ඉදිකෙරෙන විශාලම උදා ගම්මානය යැයිද පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඔහු මේ බව කියා සිටියේ චන්ද්‍රසේකර මහත්මිය විසින් අදාල ඉඩමේ හිමකම රජය වෙත පැවැරීම වෙනුවෙන් ආණමඩුවේ පැවැති උත්සවයේදීය.

එමෙන්ම වැඩිම උදාගම්මාන සංඛ්‍යාවක් ඉදිවන්නේද ආණමඩුව මැතිවරණ කොට්ඨාශය තුළයි. උදා ගම්මාන 100 ක් ආණමඩුවේ ඉදිකිරීමට නියමිත අතර, මේ වන විට ඉන් ගම්මාන 50 ක ඉදිකිරීම් සිදු වෙමින් තිබේ. ඉඩම් නිවාස නොමැති පවුල් 7000 ක් වෙනුවෙන් මෙම නිවාස ව්‍යාපෘති කි‍්‍රයාත්මක බවද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *