ඉන්ඩිගෝ යාපනයට ගුවන් ගමන් ආරම්භ කරයි

(කොළඹ | ලංකාපුවත්) – ඉන්දියානු අඩුමිල ගුවන් සමාගමක් වන ඉන්ඩිගෝ, යාපනය ගුවන්තොටුපොල වෙත සැලසුම්ගත ගුවන් ගමන් ඊයේ(01) ආරම්භ කළේය.

එය සනිටුහන් කරමින් චෙන්නායි සිට පැමිණි පළමු ගුවන් යානාව පිළිගැනීම වෙනුවෙන් ගුවන්තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා ) සමාගම විසින් කටයුතු යොදා තිබුනි.

මේ වන විට, ඉන්දියානු එලයන්ස් ගුවන් සමාගම ද යාපනය ගුවන්තොටුපොල වෙත දෛනික ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබන අතර ඉන්ඩිගෝ ගුවන් සමාගම යාපනය ගුවන්තොටුපොල වෙත ගුවන් ගමන් ආරම්භ කල දෙවන ගුවන් සමාගම ලෙස ඉතිහාසයට එක්වේ.

එලයන්ස් සමාගම මෙන්ම ඉන්ඩිගෝ සමාගම ද මෙම ගුවන් ගමන් සදහා ATR-72 යානා භාවිත කරයි.

පළමු ගුවන් ගමනින් මගීන් 52 ක් දිවයිනට පැමින තිබූ අතර ආපසු ගුවන් ගමනින් මගීන් 75 ක් චෙන්නායි බලා පිටත්වූ බව සදහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *