03වැනි අන්තර්ජාතික පුස්තකාල පර්යේෂණ සම්මන්ත්‍රණයේ දිනය ප්‍රකාශ කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වාර්ෂිකව සංවිධාන කරන අන්තර්ජාතික පුස්තකාල පර්යේෂණ සම්මන්ත්‍රණය  සැප්තැම්බර් මස 06වැනිදා  පෙ.ව 8.30 සිට ප.ව 4.00 දක්වා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බව ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය නිවේදනය කරයි.

අන්තර්ජාතික පුස්තකාල පර්යේෂණ සම්මන්ත්‍රණය මෙවර “ Information for Development : A Way Forward to Address Current Global Challenges ” යන තේමාව ඔස්සේ පැවැත්වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු ඉහළ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සහ දේශීය සහ විදේශීය විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙනු ඇත.

මේ පිළිබඳ වැඩිදුර විස්තර www.natlib.lk/icnatlib2024 වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *