ඡන්ද ස්ටිකර් ගලවන්න හදිසි පරීක්‍ෂා කිරීම්

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රථවාහනවල අලවා ඇති අපේක්‍ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවා ඉවත් කිරීමට හදිසි පරීක්‍ෂා කිරීම් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය පවසයි.

මැතිවරණ කොමිසමේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු රථ වාහනවල අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන අයුරින් වැකි, සලකුණු, ඡායාරුප ඇතුළත් ස්ටිකර් හා කොඩි ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි රැසක් ලැබී ඇත.

එවැනි ක්‍රියාවක් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 74 වගන්තිය යටතේ වරදක් වන බැවින් මෙම නියෝගය ලබා දුන්නේ යැයි මැතිවරණ කොමිසම ඊයේ (සැප්. 9) නිවේදනය කළේ ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *