නව ජනපති අනුරට සහය දීමට IMF සූදානම්

(කොළඹ | ලංකාපුවත්) –  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, 2022 දී ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකට පිවිසීමෙන් පසු ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ මත රටේ අනාගතය ගොඩනැගීම සඳහා ජනාධිපති අනුර හා ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් අතර ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීම සාදරයෙන් පිළිගන්නා බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරන කාල සිමා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැකි ඉක්මනින් නව පරිපාලනය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *