ලෝක තිරසාර සංචාරක සහ ආගන්තුක සත්කාර සම්මාන උළෙලේ දී ශ්‍රී ලාංකික ඇන්ඩි ද සිල්වා ඇගයීමට

(කොළඹ | ලංකාපුවත්) – ප්‍රමුඛතම හෝටල් පහසුකම් සපයන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයකු වන Hotel Emporium හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වන ඇන්ඩි ද සිල්වා මහතා ලෝක තිරසාර සංචාරක සහ ආගන්තුක සත්කාර සම්මාන උළෙලේ දී ‘ Prestigious World’s Leading Sustainability Leader of Tomorrow 2024’ සම්මානයෙන් පිදුම් ලැබූවේය. පසුගියදා බෙලිස් රාජ්‍යයේ පැවති සම්මාන උළෙලේදී එලෙස සම්මානයට පාත්‍ර විය.

ගෝලීය ආගන්තුක සත්කාර කර්මාන්තයේ පාරිසරික භාරකාරත්වය සඳහා ඇන්ඩි ද සිල්වා මහතාගේ කැපවීම ඉස්මතු කරමින් තිරසාර සංචාර සඳහා ශ්‍රී ලාංකිකයෙකු එවැනි පිළිගැනීමක් ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය සනිටුහන් කළ හැක.

2023 වර්ෂයේදී ඩූබායිහිදී ආරම්භ කරන ලද COP28 මගින් World Sustainable Travel & Hospitality සම්මානය යටතේ සම්ප්‍රදායික සංචාරක සේවාවලින් ඔබ්බට තිරසාරත්වයට සහ පාරිසරික භාරකාරත්වයට ලබාදෙන ප්‍රමුඛත්වය පැසසුමට ලක් කෙරේ. පරිසර හිතකාමී භාවිතයන් ක්‍රියාවට නැංවීම, සංස්කෘතික සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සහ වගකිවයුතු සංචාරක අත්දැකීම් පෝෂණය කිරීම සඳහා එහි පුරෝගාමී උත්සාහයන් ඇතුළුව තිරසාර සංචාර සහ සංචාරක ව්‍යාපාරයේ වෙනස්කම් සහ බලපෑම වේගවත් කිරීම සඳහා ආයතනයේ කාර්යභාරය මෙම ජයග්‍රහණයේ දී හඳුනාගනු ලැබීය.

ඇන්ඩි ද සිල්වාගේ මහතාගේ නායකත්වය යටතේ Hotel Emporium ඉතා සුළුවෙන් ආරම්භ කොට ගෝලීය කර්මාන්තයේ ප්‍රමුඛයෙකු දක්වා වර්ධනය වී ඇත. 2003 දී ආරම්භ කරන ලද මෙම සමාගම මේ වන විට ලොව පුරා හෝටල් 20,000 කට අධික ප්‍රමාණයකට සේවා සපයන අතර රටවල් 40 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ. සුඛෝපභෝගිත්වයට හෝ ගුණාත්මක භාවයට හානියක් නොවන පරිදි තිරසාර බව අවධාරණය කරන, සමාගමේ පරිසර හිතකාමී සුව පහසුකම් එකතුව ආගන්තුක සත්කාර කර්මාන්තය තුළ සුවිශේෂී වේ.

Hotel Emporium හි ප්‍රධාන විධායක නිලධාරී සහ සම-නිර්මාතෘ ඇන්ඩි ද සිල්වා මහතා අදහස් දක්වමින්,

“අපගේ තිරසාර උත්සාහයන් සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබීම ඇත්තෙන්ම ගෞරවයක්. 1999 දී ලලිත් ජේම්ස් මහතා සමඟ මාගේ ගරාජය තුළ ආරම්භ කරන ලද Hotel Emporium, 2003 දී සංස්ථාපිත කෙරිණි. එයින් දශක දෙකකට පසුව ලොව පුරා සිටින අපගේ ගනුදෙනුකරුවන්ගේ සහ හවුල්කරුවන්ගේ විශ්වාසයට සහ සහයෝගය මත සුපිරි හෝටල්හි සුව පහසුකම්වල ප්‍රමුඛයා බවට පත් වීමට අපට හැකි විය. තිරසාරභාවය යනු අප කරන සෑම දෙයකම වටිනාකම් වන අතර අද්විතීය සහ වගකීම් සහිත සංචාරක අත්දැකීම් ලබා දෙන අතරම අපගේ ලෝකය ආරක්ෂා කර ගැනීම සඳහා අපගේ උත්සාහයන් දිගටම කරගෙන යාමට කැපවී සිටිනවා.”

Hotel Emporium හි තිරසාරත්වය සඳහා වූ කැපවීම එහි පවුල සතු වටිනාකම් තුළ ගැඹුරින් මුල් බැස ඇත. අනාගත පරම්පරාවන් සඳහා පෘථිවිය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමාගමේ කැපවීම LiquiFill පද්ධතිය සහ ECO POD ඇතුළු නව්‍ය, පරිසර හිතකාමී නිෂ්පාදන සංවර්ධනය කිරීමට හේතු වී තිබේ. LiquiFill යනු නාන දියර සංයෝජක කාර්යක්ෂමව නැවත පිරවීම සඳහා නිර්මාණය කර ඇති උසස් යන්ත්‍රයක් වන අතර එමඟින් ශ්‍රම පිරිවැය අඩු කරන අතරම ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ලෙස අඩු කරයි. කර්මාන්තයේ පුරෝගාමියෙකු වන ECO POD, කොම්පෝස්ට් බවට පත් කළ හැකි ප්ලාස්ටික් රහිත, භාවිතයට පහසු විකල්පයක් ඉදිරිපත් කරමින් තනි භාවිත ප්ලාස්ටික් දූෂණය සහ අපවිත්‍රණය පිළිබඳ ගැටළු වලට එරෙහිව සටන් කරයි.

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ මිනිසුන්, ග්‍රහලෝකය, ස්ථානය, සෞභාග්‍යය සහ හවුල් කාරිත්වයේ ශුද්ධ ධනාත්මක රාමුව පිළිබිඹු කිරීම සඳහා ගෞරවණීය WSTHA අධ්‍යයන උපදේශක මණ්ඩලයේ සහ කර්මාන්ත නායකයින්ගේ ආදානය සමඟින් මෙම වසරේ WSTHA වැඩසටහන කාණ්ඩ 21 කින් සමන්විත විය. Nova ව්‍යාපාරික පාසලේ තිරසාර ව්‍යාපාරික සිසුන් විසින් සියලුම ප්‍රවේශයන් මහජන ඡන්දයකට විවෘත කිරීමට පෙර WSTHA උපදේශක මණ්ඩලය විසින් අනුමත කරන ලද නාමයෝජනාවල කෙටි ලැයිස්තුව තක්සේරු කරන ලදී. කර්මාන්ත වෘත්තිකයන්, මාධ්‍ය සහ සාමාන්‍ය ජනතාව සති 7 ක කාලයක් තුළ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත. වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා තැනැත්තා අදාළ කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

ආගන්තුක සත්කාර කර්මාන්තය පරිසර හිතකාමී, නව්‍ය අවශ්‍යතා අනුගමනය කිරීම සඳහා වැඩිවන පීඩනයකට මුහුණ දෙන බැවින් මෙම පිළිගැනීම පරිසර දූෂණයට සහ තිරසාර නොවන භාවිතයන්ට එරෙහි සටනට Hotel Emporium හි දායකත්වය අවධාරණය කෙරිණි. Hotel Emporium සහ එහි වත්මන් මුලපිරීම් පිළිබඳ වැඩි විස්තර සඳහා, https://hotelemporium.com/ වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *