හිටපු ජනපතිගේ ආරක්ෂාව ගැන දැනුම්දීමක්

(කොළඹ | ලංකාපුවත්) –  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, 163 දෙනෙකු මේ වනවිටත් ආරක්ෂාවට සිටින බවයි.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඒ අතරට ඇතුළත්ය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු නිලධාරීන් ගණන කඩිනමින් තීරණය කර ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවට ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *