නාගානන්ද බෞද්ධ සරසවියේ නිර්මාතෘ නාහිමියන්ගේ ඡන්ම දිනයට වැඩසටහන් රැසක්

(කොළඹ | ලංකාපුවත්) – නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ හා උපකුලපති තායිවාන් ප්‍රධාන සංඝනායක, සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ 67 වෙනි ඡන්ම දිනය නිමිති කරගෙන විශ්වවිද්‍යාල සෑ මළුවේ දී ආශිර්වාදාත්මක බෝධිපූජා පිංකමක් පසුගියදා පැවැත්වුණි.

එයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් සහ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා වූ භාවනා වැඩසටහනක් ආදී වැඩසටහන් ගණනාවක් ද සංවිධාන කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *