(කොළඹ | ලංකාපුවත්) – මාස 6ක් සඳහා රුපියල් 300,000 උපරිමයකට ධීවරයන්ට ලීටරයකට රුපියල් 25ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15ක සහ මසකට දින 25ක් සඳහා රැකියාවේ නිරත වන දිනවලට රු:25ක සහනාධාරයක් ලබාදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවැසීය.