BOI සභාපති ධුරයෙන් ඉවත් වීමේ අදහස යළි ජනපතිට ඉදිරිපත් කරයි

(ලංකාපුවත් | කොළඹ) –ජනාධිපතිතුමා සමඟ මේ සතියේ පැවැත් වූ සාකච්ඡාවකදී, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉවත් වීමේ බලාපොරොත්තුව නැවතත් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.

පශ්චාත් කොවිඩ් සමයේ ආර්ථික පරිවර්තනයට දායකවීමට විදේශ ආයෝජන ප්‍රවර්ධනය නොකඩවා කරගෙන යෑම සඳහා කල ඉල්ලීම පිළිබඳවත්, තමන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය කෙරෙහි ඉහළම විශ්වාසයක් තැබීම පිළිබඳවත්, කෘතඥ වන බවද සභාපතිවරයා පවසා ඇත.

කෙසේ වෙතත්, සභාපතිවරයා තම රාජකාරිවලින් නිදහස් වීමට ඇති කැමැත්ත ජනාධිපතිතුමාට යළි ඉදිරිපත් කර ඇත අතර, දශකයක් තුල දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීමට ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කර ඇති දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ආයෝජකයින්ට ලබා දෙන සේවාවන් තවදුරටත් තීව්‍ර කිරීමට දැනටමත් ගෙන ඇති ප්‍රයත්නයන් දිගටම කරගෙන යාමට නව නායකත්වයක් පත් කරන ලෙස ඔහු තව දුරටත් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *