උග්‍ර නියඟය හමුවේ පුත්තලමේ ජනතාවට කඩිනම් සහන

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලම දිස්ති‍්‍රක්කයේ තෝරා ගත් ප‍්‍රදේශවල නළ ලිං 50 ක් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ උග‍්‍ර නියගය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවගේ යහපත වෙනුවෙන් මෙම පියවර ගත් බවයි. එමෙන්ම කඩිනම් ව්‍යාපෘතියක් ලෙස නළ ලිං 50 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක බවද ඔහු පැවසීය.

දැඩි නියගය හේතුවෙන් පුත්තලම දිස්ති‍්‍රක්කයේ තුන්ලක්‍ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටි. ඔවුන් වෙත දිනපතා පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙලක්ද කි‍්‍රයාත්මක බව අමාත්‍යවරයා සදහන් කළේය.

දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය හා ප‍්‍රදේශීය ලේකම් කාර්යාල මුලික කර ගනිමින් පීඩාවට පත් ජනතාවට පහන සැලසීමේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මකය.

පුත්තලම දිස්ති‍්‍රක්කයේ මැතිවරණ කොට්ඨාශ මට්ටමින් සහන ලබා දීමේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක අතර බරපතල ලෙස පීඩාවට පත්ව සිටින ආණමඩුවේ ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශ අටක ජනතාවට වියළි ආහාර සලාක ලබාදීම අමාත්‍ය පාලිත රංගේ බන්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සිදුවිය. මේ වන විට පවුල් 10000 ට පමණ වියලි ආහාර සලාක ලබා දීමට පියවර ගෙන තිබේ.

අවශ්‍යතා පරිදි සහන සැලසීමේ වැඩපිළවෙල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කෙරේ.

මේ අතර පුත්තලම දිස්ති‍්‍රක්කයේ වනජීවී කලාපවල වෙසෙන වන ජීවීන්ද දැඩි පීඩාවට පත්ව සිටින අතර ඇතැම් ස්ථානවල වන සතුන් මරණයට පත්ව ඇති ආකාරයද නිරීක්‍ෂණය විය. මෙම තත්ත්වය පිළිබඳ අවදානය යොමු කරමින් වන කලාපවල කෘතිම ලිං ඉදිකිරීමටත් දිය වලවල් ඇති කිරීමටත් පියවර ගෙන තිබේ.

අමාත්‍යවරයාගේ පෞද්ගලික මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *