(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (18) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
මෙම සංචාරයේදී අනුර දිසානායක මහතා ඉන්දීය රජයේ ප්‍රධානීන් කිහිප දෙනෙක්ද හමුවීමට නියමිතය.